හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
එප්පාවල හුරිගස්වැව ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත මල්ශාලාවකට එම ගම්වාසීන් විරෝධය පළ කරමින් නිහඬ විරෝධතාවක් හා අත්සන් ලබා ගැනීමක් අද (17) සිදු කෙරිණි.
තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල හුරිගස්වැව ගම්මානයේ පිහිටි හුරිගස්වැව වැවට මායිම්ව, එප්පාවල තඹුත්තේගම ප්‍රධාන පාරට මුහුණ ලා පිහිටි ඉඩමක අභිනවයෙන් ගොඩනැගිල්ලක් ඉදි කර එහි මල් ශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වීම පිළිබඳව මෙලෙස ගම්වාසීහූ විරෝධතාවය පළ කර සිටියහ.
හුරිගස්වැව වැව කේන්ද්‍ර කර ගනිමින් තම ගම්මානය නිර්මාණය වී ඇති බවත්, වැව ආසන්නේ මල් ශාලාවක් ඉදි කර මෘත දේහයන්ගේ එහි අවමංගල කටයුතු සඳහා සකස් කිරීමේදී අපද්‍රව්‍ය තම ගමේ වැවට එකතු විය හැකි බවට ගම්වාසීන් පවසති, තවද මල්ශාලාවක් තුළ අවමංගල්‍යයක් සඳහා මෘත දේහ සකස් කරන තුරු ඥාතීන් හා හිතවතුන් ඒ අසල රැදී සිටිමින් මත්පැන් පානය කිරීම හරහා අවට නිවෙස් වලටද බාධා සිදු විය හැකි බවට ඔවුන් පෙන්වා දෙති. එම ගොඩනැගිල්ල තුළ වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන ලෙස ගම්වාසීන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ බළධාරීන් නිළධාරීන් මෙම ස්ථානයේ මල් ශාලාවක් ආරම්භ කිරීමට අවස්ථාව නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.ඔවුන් එහිදී අත්සන් ලබා ගත් පෙත්සම අදාළ නිළධාරීන් බළධාරීන් වෙත ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා ඔවුන්ගෙන් විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී ගම්වාසීන් එක්ව දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවත් පැවසූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
