හුන්නස්ගිරියේ නිවාස දෙකක් නායයයි තුනකට තුවාල
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ 17 වනදා සවස් කාලයේ සිට තව දුරටත් ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ (18)උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවාස දෙකක් නායයෑමට ලක්වීම නිසා පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහනුවර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ මෙම නායයෑම සුරක්ෂිත මධ්‍යස්ථානයක් ආසන්නයේ සිදු වු බැවින් එම සුරක්ෂිත මධ්‍යස්ථානයේ ආරක්ෂිතව සිටි පුද්ගලයින් 90 දෙනෙකු රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය වෙත තාවකාලිකව මාරු කිරීමට පියවර ගත් බවයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් මහනුවර මහියංගණය මාර්ගය භාවිතා කිරීම හැකිතාක් සීමා කරන ලෙසත් රාත්‍රී කාලයේ හැකි නම් එම මාර්ගයේ භාවිතයෙන් වළකින ලෙසත් රණවීර මහතා තව දුරටත් ඉල්ලා සිටියි. යම් හෙයකින් එම මාර්ගය භාවිතා කරන්නේ නම් ගල් සහ පස් කණ්ඩි කඩා වැටිම ගැන දැඩි අවධානයෙන් භාවිතා කරන ලෙසත් රණවීර මහතා තව දුරටත් ඉල්ලා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

