හුදකලා කල මන්නාරම් තාරාපුරම් ගම්මානය යළි සාමාන්‍ය තත්ත්වයට
අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
පුත්තලම ප්‍රදේශයේ සිට කොරෝනා වයිරස් ආසාදිතයෙකු තාරාපුරම් ගම්මානයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී ගම්මානයේ සැරිසරා ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම් පොලීසිය හා යුදහමුදාව එක්ව පසුගිය 08 වනදා සිට තාරාපුරම් ගම්මානය හුදකලා කිරීමට තීරණය කරන ලදි.
කෙසේ වෙතත් ගම්මානයේ වැසියන්ට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දීමෙන් පසුව වසාදැමුණු ගම්මානය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.
නමුත් පවතින ඇඳිරිනීතිය තාරාපුරම් ගම්මානයට ඇතුලු මන්නාරම් දිස්ත්‍රීක්කයටම ක්‍රියාත්මක වන බවටද ඇඳිරිනීතිය කඩකිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමටද යුද හමුදාවෙන් හා පොලීසියෙන් යොදවා ඇති බවට මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

