හුදකලා කර ඇති අකුරණට සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දෙන්නැයි ඉල්ලිමක්
මධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සියලු දෙනා හමුවූ දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙම ප්‍රදේශ සඳහා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.
දැනට හුදකලා කර ඇති ගම්මානවල ඉතා දිළිඳු පවුල් විශාල වශයෙන් ජිවත් වන අතර ඔවුන් සියලු දෙනා එදිනෙදා උපයාගෙන භාණ්ඩ මිල දී ගත් පරිසක් වෙති.
මේ නිසා ඔවුන් දීර්ඝ කාලයක් සදහා භාණ්ඩ එක්රැස් කර ගෙන නොමැති බවත් දැනට දින 10 ක් පමණ වසා ඇති එම ප්‍රදේශවල ජනතාව මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණ දී සිටින බවත් ඔවහූ පවසති.
මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික ව්‍යාපාරිකයින් මගින් භාණ්ඩ බෙදාහැරීම සාර්ථක තත්ත්වයක නොමැති බැවින් සතොස ලොරි මගින් මෙම ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දෙන ලෙසත් ඔවුහූ ඉල්ලා සිටිති.
මොහොමඩ් ආසික්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
