මාතර, අකුරැස්ස, තිබ්බටුවාව ප්රදේශයේ අද (27දා) උදැසන පුද්ගලයෙකුගේ ගෙල ලගින් හිස පෙදෙස කපා නිල්වලා ගගට දැමු පුද්ගලයෙක් සොයා විමර්ශණයක් ආරම්භකොට ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස, තිබ්බටුවාව,රළකඩවත්ත ප්රදේශයේ පදිංචි වෙල්ලාලතන්ත්රිගේ සුමනපාල (70) නම් ආබාධිත , දෙදරු පියෙකි.
මියගිය තැනැත්තාගේ සහ ගෙල කපාදැමු බවට සැකකෙරෙන පුද්ගලයාගේ නිවෙස් එකලග පවතින අතර මියගිය පුද්ගලයා විසින් තම නිවසට කොඩිනයක් කර ඇති බවට පවසමින් දෙපාර්ශවය අතර අද (27දා) උදැසන බහින්බස්විමක් අතිව තිබේ.
පසුව එය එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙන අතර සැකකරු නිවසට ගොස් කඩුවක් රැගෙනවිත් ආබාධිත පුද්ගලයාට පහරදිමට තැත්කොට තිබේ. මෙහිදි ආබාධිත පුද්ගලයාගේ බිරිද හා දරුවා එය වැළක්විමට උත්සහගෙන තිබුනද සැකකරු ආබාධිත පුද්ගලයාගේ ගෙල ලගින් හිස කොටස කපාගෙන දිවගොස් ඇත. පසුව හිස කොටස නිල්වලා ගගට විසිකොට ඇති බවටද වාර්තා වෙයි. එම හිස කොටස සොයා පොලිසිය විමර්ශණයක් ආරමිභකොට තිබේ.
එසේම මෙම ආරවුල බේරීම සඳහා කටයුතු කල ආබාධිත පුද්ගලයාගේ බිරිඳ හා දරුවා සුලු තුවාල ලබා අකුරැස්ස රෝහල වෙත ප්රතිකාර සදහා ඇතුලත් කොට තිබේ. සමරසිංහ තිලන්න යන සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර අකුරැස්ස පොලිසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි.
මහේෂ් මලවර ආරචිචි