සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්රීධූරය සඳහා ඒ.එච්.එම් ෆවුසි කථානායකවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබීය.
පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්රික්කයෙන් මනාප 48,701ක් හිමි කරගත් ඔහු මනාප ලයිස්තුවේ 07 වැනි ස්ථානයට පත් වුණි.