තරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව මැයි මස 23 වැනි දා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (24දා) නියම කළේය.
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්න දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරිමට මහාධිකරණ විනිසුරු නියම කළේය.
2015.11.25 වැනි දා වෙළෙඳහලක සේවකයකු පැහැරගෙන ගොස් ඔහුට පහරදුන් බවට හිරුණිකාට සහ ඇගේ ආරක්ෂක නිලධාරීන් වශයෙන් කටයුතු කළ තිදෙනාට එරෙහිව නඩු පවරා තිබු අතර නඩු විභාගය අතරතුර විත්තිකාර ආරක්ෂක නිලධාරීන් විසින් චෝදනාවන්ට වරද පිළිගත් ලදුව ඔවුන්ට දඬුවම් නියම කෙරිණි.
බුද්ධිමාල් රුබේරු