හිරුණිකාගේ ඇපෑල විභාගයට ගනියි
කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) දින නියම කළේය.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විභාගය සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය සඳහා අගෝස්තු මස 06 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජූනි මස 28 වනදා බරපතල වැඩ සහිත වසර 03 ක් සිර දඬුවමක් සහ රුපියල් 20000/- ක් දඩයක් නියම කළේය.
එම දඩුවමින් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම ඇපෑල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
