අනුරාධපුර තිසා වැව ආසන්නයේ පිහිටා ඇති භාවනා මධ්‍යස්ථානයක නායක හිමි දානමය පින්කමකට වැඩම කර සිටි අවස්ථාවේදී ඊයේ (11දා) ආවාස ගෙය කඩා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරකම් කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
තිසාවැව අලුත් මාර්ගයේ පිහිටා ඇති මෙම භාවනා මධ්‍යස්ථානයේ පනස් නව හැවිරිදි පැමිණිලිකාර එම හිමි නම පමණක් වැඩ වාසය කරන බවත් ඊයේ (11දා) උදැසන 10.30 ට පමණ වෙනත් විහාරස්ථානයක පැවති දානමය පිංකමකට සහභාගී වී නැවත දහවල් 1ට පමණ පැමිණ බැලීමේදී මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය කියයි.
ආවාස ගෙය තුළ තිබූ අල්මාරියේ දමා තිබූ පෙට්ටිය එළියට ගෙන එම පෙට්ටියේ තිබූ කඨින පිංකම වෙනුවෙන් දායක දායිකාවන් ලබා දුන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල මෙලෙස සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලීසිය කියයි.
සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.