හිමිනමක් සැක ලෙස අපවත්වෙති - විහාරයේ තිබූ ඩිෆෙන්ඩර් රියත්, වැගන් ආර් රථයත් නෑ
වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන මැදගමුවේ මහානාම හිමියන් සැකකටයුතු ලෙස අපවත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම විහාරස්ථානය දෙසින් දුගදක් හමන බවට පොලීසියට කළ දැනුම් දීමක් මත පොලීසිය කළ සොයා බැලීමේදී මෙසේ ස්වාමීන් වහන්සේගේ දේහය සොයාගෙන තිබේ.
නායක හිමියන් වැඩවසන කාමරය දෙසින් දුගද හමා තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේ වැඩසිටි කාමරය ඉබි යතුරු දමා වසා දමා තිබේ.
කාමරය විවෘත කර බැලීමේදී නායක ස්වාමීන් වහන්සේගේ ඇස් බැද දමා මුඛයට රෙදි කඩක් ඔබා ශරීරය සිවුරකින් වසා තිබී ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
මෙම විහාරස්ථානයේ තවත් හිමි නමක් වැඩසිට ඇති අතර උන්වහන්සේ කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබේ.
විහාරස්ථානයේ තිබූ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය හා වැගන් ආර් වර්ගයේ කාර් රථය විහාරස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබේ. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

