ඥානසාර හිමියන් අධිකරණය වෙත රැගෙන ඒමේදි සිවුර ගලවා දැමීමට විරුද්ධව හිමිනමක් පිළිමතලාව නගරයේ දැමු කලු කොඩි පොලිසිය විසින් ගලවා දමයි.
මෙම සිද්ධිය ඊයේ ( 07 ) රාත්රී 10.30 ට පමන සිදුවු ඇති අතර ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා දැමිමට විරෝධය පා මෙලෙස කලුකොඩි පිළිමතලාව නගරයේ එක් ස්ථානයක දැමු අතර කඩුගන්නාව පොලිසිය විසින් එම අවස්ථාවේම එතනට පැමින එම කොඩි ඉවත් කර දමා ඇත.
එහිදි පොලිසිය හා හිමියන් අතර බහින්බස් විමක් සිදුවි ඇති අතර හිමියන් විසින් පොලිසියෙන් ප්රස්න කර ඇත්තේ මේ සදහා විරෝධය පැමට කුමන පාටක කොඩි දැමිය යුතුද යන්නය.
මෙලෙස කලුකොඩි දමා විරෝධතාවය දක්වා ඇත්තේ ටැම්පිටියේ වනරතන හිමියන් වන අතර හිමියන් පැවසුයේ අධිකරණය විසින් ඥානසාර හිමියන් වෙත ලබා දුන් දඩුවමට කිසිදු විරෝධයක් නොමැති බවත් එනමුත් උන් වහන්සේ අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ගිහි ඇදුමින් රැගෙන ඒමට විරෝධය පා මෙලෙස කලු කොඩි එසවු බවය.
