බදුරලිය පොලිස් වසමේ තුඹගල්ල කන්ද ප්‍රදේශයේදී බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ සිදුකළ සොදිසි මෙහෙයුමකින් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 362 මිලිග්‍රෑම් 87 ක් සොයා ගෙන පොලිස් භාරයට ගෙන ඇත. ෙමත්ද්රව්ය තොගයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා බදුරලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.