හිමාලයට ප්‍රභල භූ කම්පනයක් වුණොත් කොළඹට දැනෙනවා
ඉන්දියාවේ භූ විද්‍යාඥයන් අනාවැකි පවසා ඇති ආකාරයට එරට හිම්චාල්-උත්තරකාන්ත් ප්‍රදේශ වලට රිච්ටර් මාපකයේ 08 ක තරම් ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹ නගරයට දැනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
ඒ මහතාගෙන් අද (24) සිදුකළ විමසීමකදී පවසා සිටියේ මීට වසර 02 කට පෙර ඉන්දියාවේ හිමාල කඳු වැටිය ආසන්නයේ දැනට භූකම්පනය සිදුවන බවට භූ විද්‍යාඥයන් පවසා ඇති ප්‍රදේශයේ සිදු වූ රිච්ටර් මාපකයේ 05 ක භූ කම්පනය කොළඹ නගරයට දැනුන බවත් ඉන් බොහෝ දෙනා බිය වී ගොඩනැගිලි වලින් එළියට පැමිණි බවත් ය .
ඒ අනුව භූ විද්‍යාඥයන් පවසන පරිදි රිච්ටර් මාපකයේ 08 ක් වැනි ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹ නගරයට දැනෙනු ඇති බව ද මහාචාර්යවරයා පැවැසීය .
කෙසේ නමුත් මහාචාර්යවරයා පවසන්නේ භූ චලන සම්බන්ධයෙන් සිදුකරන පුරෝකතන ලොව මෙතෙක් සාර්ථක වී නොමැති බවත් ඉන්දියාවේ භූ විද්‍යාඥයන් පවසන ආකාරයට එම ප්‍රදේශ වල එතරම් ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් අනිවාර්යයෙන්ම එය කොළඹට දැනෙනු ඇති බවත්ය .
popular news
-
Kumar Saturday, 25 February 2023 03:25 PM
Api sitinney bhoomi kampaa thibena Californiawey mada. prabala bhoomi kumpawak sathapum 300 k dura siduvuna awathawala aptath danenawa. palamuwen dumriryak weydikawata paminenawa awagey asenawa. Inapasu apagey niwasa yatin yanawa. himalaye bhoomi kampawa athivunoth dura nisa ehtharamwath lankawata danneney naha. Oyakiyanney boru. Californiawey thadabala bhoomi kampa athiwenney pacific thalayayi american thalayayi gatena mayima yanney Californiyawa madin nisayi. apey niwes thanaa athey ithamath dadi pamith anuwayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

