ඉස්සර සාහිත්‍යය කියමනක් තිබ්බා හිත ගිය තැන මාලිගාව කියලා, මේ පාර කාගේත් හිත ගිය තැන මාලිමාව බවට පත්වෙලා තියෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ එක්වෙමු දිනවමු, විසඳුම මාලිමාව 2023 පළාත් පාලන මැතිවරණය මාලිමාවේ ජය තහවුරු කරන ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී ජනතා හමුවක් අමතමිනි.
මාලිමාව දිනවන්න මහන්සි ගන්නේ සාමාජික සාමාජිකයන් නොවේ. ගොවි ජනතාවයි රටක්ම තීන්දුවක් අරගෙන තියෙනවා මේ ඡන්දෙදි අපේ රටේ දේශපාලන ගමන වෙනස් කරන්න මේ ඡන්දය පාවිච්චි කරන්න ඕනේ කියලා.
ඒ නිසා තමයි ආණ්ඩුවේ කණ්ඩායම බය වෙලා තියෙන්නෙ. මේ ඡන්දය ප්‍රකාශයට පත් කරලා කරගෙන ගියාට ,ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ලොක්කෝ මේකට පොඩි අකමැත්තක් තියෙනවා, විවිධ කතා කියනවා.
ඡන්දයක් තියන්න තරම් වත් සල්ලි නැති රටක මේ මැතිවරණය තියලා වැඩක් නෑ නේද? ඇත්ත හේතුව ඒක නෙමෙයි , සල්ලි නැති නිසා නෙමෙයි ඒගොල්ලොන්ට ඡන්ද නැති නිසා, තිබ්බොත් පරදිනවා ඇප නෑ. අපේ රටේ ඡන්ද තියන්න තීන්දු ගන්නේ ගන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම. ඒ වගේමයි ඒ දිනයට මොකද කරන්නේ කියලා ජනතාවත් තීන්දු කරලා තියෙනවා.
අවුරුදු 75 තිස්සේ රට විනාස කරන හොර නඩ දෙක එකට තියලා ගෙදර යවලා. මේ රට හදන අලුත් දේශපාලන ගමන් පටන් ගන්න දවස මාර්තු මාසේ 9 වෙනිදා කියලා, අපේ ජනතාව තීන්දු කරලා තියෙනවා.ඒක වළක්වන්න දිනේෂ් සහ රනිල් වික්‍රමසිංහට බැහැ.
ඒ වරද්දපු එක ගන්න තමයි මේ පාර සියලු දෙනාම ජාතික ජන බලවේගයේ මාලිමාවට එකතු වෙලා තියෙන්නේ ඒක හදන්න.
මන්ත්‍රී කමක් වත් නැතුව හිටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති කමත් හම්බුනා. එයා දන්නවා මේක හම්බුනේ අහම්බෙන් ආයි කවදාවත් හම්බවෙන්නෙත් නෑ කියලාත් දන්නවා. ඒක තමයි එයා අමත අමතා ඉන්නේ.එයා ඒකෙන් පොඩි සතුටක් විඳිනවා.
හමුදා ප්‍රධානීන් කැඳවපු රනිල් වික්‍රමසිංහ ඇහුවලු 75 නිදහස් උත්සවයට ආචාර වෙඩිමුර 75ක් හැත්තෑ පහක් තියන්න බැරි ද කියලා. හමුදා ප්‍රධානීන් කිව්වලු සම්ප්රදාය ආචාර්ය වෙඩිමුර විසි එකයි කියලා ඒක තමයි කියලා සම්ප්රදාය කියලා.
ආචාරය පලකරන්න හමුදා සෙබලා කඩුව ගන්නකොට රනිල් වික්‍රමසිංහ ගැස්සුනා.එහෙම එකකුත් තියෙනවා.
මේ ආපු දේශපාලන ගමන්මග මුළුමනින්ම වෙනස් කරලා.අලුත් දේශපාලන සංස්කෘතියක්, ඉදිරියට යන රටක් අපි තෝරගන්න ඕන, ඒ වෙනස අපි මාර්තු 9 වැනිදාට කරමු , ඒ පළාත් පාලන ඡන්දයේදී මාලිමාවට ඡන්දෙ දීලා මාලිමාවට ඡන්ද හදලා , රටක් හදන මාලිමාවක් යැයි පැවසීය.