හිටපු මහ බැංකු අධිපතිට ඇප
ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07දා) නියෝග කළේය.
තිනියාවල පාලිත හිමියන්ගේ පැමිණිල්ලකට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය මගින් මෙසේ නොතීසි නිකුත් කෙරුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව හිඳිමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් සුබ්රි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත .
popular news
-
Kumar Wednesday, 08 June 2022 01:39 AM
Kisima shaksiyak nathiwa cheewara dhariyakage paminillakata keneku athadanguwata gena apa deema ratay apasuyamak. maywni deya athithaye uropaye siduvuna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

