හිටපු මන්ත්‍රී ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ? ඔහු සැගවී නොමැති බවටත් ප්‍රකාශයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන එම පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කිරීමට අද(03දා) කටයුතු කළේය.
ඉන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික තිළිණ පීරිස් මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියේය.
“මේ වෙද්දිත් උදය ගම්මන්පිල මහතාව අයි.සී.සී.පී.ආර් පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ යම් සූදානමක් තියෙනවා. ආණ්ඩුවේ යම් අඩුපාඩු පෙන්වා දෙන චරිත නිශ්ශබ්ද කිරීමට මේ ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගය පිළිබඳ අපි අපේ විරෝධය පළ කරනවා. අපි ඒ සම්බන්ධවත්, අයි.සී.සී.පී.ආර් පනත යටතේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳවත් විපක්ෂනායකතුමාව දැනුවත් කළා. විපක්ෂනායතුමා ඒ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. ”
ප්රශ්නය - උදය ගම්මන්පිල මහත්මයා කොහේද හැංගිලා ඉන්නේ ?
පිළිතුර - හැංගිලා නැහැ. ඇත්තටම එතුමාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා තමයි එතුමා විදේශගත වෙලා ඉන්නේ. ඒ අතරතුර තමයි අපි දැනුවත් වෙන්නේ මෙවැනි කටයුත්තක් සිදුවෙනවා කියලා. ඒ සම්බන්ධව මේ වෙද්දි අපි අධිකරණය දැනුවත් කරලා අපි පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සතියේ එතුමා අනිවාර්යෙන් ලංකාවට එනවා. සැප්තැම්බර් 10 වැනිදා වගේ දවසක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

