හිටපු පොලිස්පති වරයෙකුට අයත් බව කියන වරකාගොඩ කටුහේන බලි කන්ද ප්රදේශයේ ඉඩමක වල දමා තිබූ ප්රභූ ආරක්ෂක ගිනි අව්යක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.
චීනයේ නිශ්පාදිත මිනි උෂී වර්ගයේ ගිනි අවියක් මෙසේ සොයාගෙන තිබේ.
මිනි උෂී වර්ගයේ ගිනි අවි භාවිතා කරනුයේ කමාන්ඩෝ විශේෂ බළකා සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීන් වලට පමණක් බවද පොලිසිය සදහන් කරයි.
මෙම ගිනි අවිය පොහොර කවරයක බහා ඉඩමේ වල දමා ඇති බවත් ප්රදේශයේ සැරිසරන කබරුන් විසින් එම වල හාරා එය එළියට ඇද දමා තිබියදි ගවයන් දක්වා ගෙන ඒ අසලට ගිය පුද්ගලයෙකු මෙය දැක ඒ බව තෙබුවන පොලිසියේ පොලිස් සැරයන් සනත් මහතාට මේ පිළිබඳව තොරතුරු ලබා දී තිබේ.
පසුව තෙබුවන පොලිසිය මගින් මෙය වරකාගොඩ පොලිසියට දන්නවා ඇති අතර වරකාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.
ගිනි අවිය වලදමා තිබූ ඉඩම හිටපු පොලිස්පතිවරයෙකු වූ වික්ටර් පෙරේරා මහතාට අයත් බවද පොලිසිය සඳහන් කරයි. වරකාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .ඩබ්ලිව් . ලක්ෂිත මහතාගේ උපදෙස් මත තිබුවන පොලිසියේ පො.සැ. සනත්, වරකාගොඩ පොලිසියේ පො.කො.අමරජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
