හල්දුම්මුල්ල සොරගුණේ ප්‍රදේශයේ විදුහලක් කඩා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක්, සීඩී ප්ලේයර් යන්ත්‍රයක්, ඇතුළු රුපියල් එක් ලක්ෂ පනස් දෙදහසක් වටිනා දේපළ සොරාගත් එම පාසලේම ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයෙක් වූ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බව කියන යුද හමුදා සෙබළෙකු අද (14දා) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
පාසල කඩා භාණ්ඩ සොරකම් කර ඇති බවට පාසලින් ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් පසුව සැකකරු හඳුනා ගැනීමට හැකිවූ බවත් සොරාගත් භාණ්ඩ දියතලාව ප්‍රදේශයේ කෙනෙකුට අලෙවි කර තිබියදී සොයාගත් බවත් පොලිසිය කියයි.
ඉකුත් දින රාත්‍රියේ පාසලට ඇතුලු වී සංගීත කාමරය කඩා පාසලට අලුතින්ම ලැබී තිබූ මල්ටිමීඩියා ප්රජෙක්ටරය සී ඩී ප්ලේයර් යන්ත්‍රය බ්ලූටූත් ඇතුළු පාසල සතු රජයට අයත් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා දේපොළ සොරා ගෙන ඇති බවට පැමිණිලි කර තිබුණු බවද සැකකරු පූනානි කඳවුරේ ඉංජිනේරු බලකායට අනුයුක්තව සේවය කරන බවද පොලිසිය කියයි.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග සුරවීර මහතාගේ මූලිකත්වයෙන් යුතු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයති.
සමන් පාලිත