හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවකට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.