හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.
සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ.
