හිටපු දකුණු පළාත් මන්ත්‍රීවරයෙක් තමන්ව දූෂණය කළ බවට චීන කාන්තාවකගෙන් චෝදනා
දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ රියදුරු තමන්ව සමූහ දූෂණයකට ලක්කළ බවත් ඒ පිළිබඳව ගාල්ල පොලීසියට මේ වසරේ මැයි මාසයේදී පැමිණිල්ලක් කළත් එයට මේ දක්වා ප්‍රතිචාරයක් නොමැති බව චීන ජාතික සංචාරිකාවක් සඳහන් කරයි.
වීඩියෝවක් හරහා ඇය ප්‍රකාශ කරන්නේ තමන් පැමිණිලි කළද හිටපු මන්ත්‍රීවරයා එම පරික්ෂණ සඳහා දේශපාලන බලපෑම් එල්ල කර ඇති බවයි.
මේ පිළිබඳව සැකකරු අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරිමක් සිදුව නොමැති බවත් ඇය සඳහන් කර නොමැති බවයි.
එසේම මේ පිළිබඳව තමන් එම මන්ත්‍රීවරයාගේ ඥාතී සහෝදරයෙක් මෙන්ම තවත් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට සඳහන් කළත් ඔහුද තමන්ට බලපෑම් කළ බවත් ඇය සඳහන් කරයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසා සිටියදී ඔහු සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට වෙනුවෙන් ලිපිගොනු නීතිපති දේපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි.
එසේම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති බවත් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු පැවැසීය.
එසේම මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
ගමරාළ Friday, 01 November 2019 08:44 PM
මැඩම් ඕවා එච්චර ගණන් ගන්න එපා. අපේ රටේ මන්ත්‍රී වරුන්ගේ කාර්යභාරය තමයි ඔය අකුරටම ඉෂ්ට කරලා තියෙන්නේ.පොලිසියේ කාර්යභාරය තමයි ඒවා යට ගහන එක. මේක දමල දුවන්න හිතෙන හිතෙන රටක්.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

