හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගෝඨාගෝගම මහජන අරගලය සඳහා අද (15) පස්වරුවේ එක්ව තිබේ.
එමෙන්ම ඔහු සමග හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සිදත් වෙත්තමුණිද මෙම අරගලය සඳහා සිය දායකත්වය ලබා දී තිබෙන අතර එහිදි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අර්ජුන රණතුංග ප්‍රකාශ කරන ලද්දේ තමන් දේශපාලඥයෙකු ලෙස කටයුතු කර ඇති නිසාවෙන් මෙම අරගල භූමියට පැමිණීම සුදුසු නොවන බවත් නමුත් තම සහෝදර ක්‍රීඩකයා මෙම අරගලය සඳහා කරන කැපවීම හේතුවෙන් තමන් ද මෙම ස්ථානයට පැමිණිම සිතූ බවයි.
"මේක දේශපාලන අරගලක් නෙමෙයි මහජනතාවගෙන් ආපු අරගලයක් පහුගිය දවස්වල මම තීරණයක් ගත්තා මම මෙතනට එන්න සුදුසු නෑ. මොකද මමත් අවුරුදු දෙකක් දේශපාලනයේ හිටියෙ නැතිවුනාට දේශපාඥයෙක් ඉතිං මේකේ වටිනාකමට, මේ කිරි ගොඩට ගොම බින්දුවක් දාන්න අවශ්‍ය නැති හින්දා. හැබැයි ධම්මික ප්‍රසාද් අපේ සහෝදර ක්‍රීඩකයා කරන කැපවීමත් එක්ක මම හිතුවා මෙතනට එන්න ඕනේ කියලා එතුමාගේ ආරාධනාවෙන්. මොකද අපිටත් අඩුගානේ මෙහෙම කෙලින් කතා කරන්න පුලුවන් මෙහෙම තීරණ ගන්න පුලුවන් මේ රටේ බිහිවෙලා තියනවා. ඉතිං මම සන්තෝෂ වෙනවා ධම්මික ප්‍රසාද් ගත්ත මේ තීරණය අනිත් හැම ක්‍රීඩකයන්ටත් හොඳ ආදර්ශයක්. මේක දේශපාලන අරමුණක් හින්දා නෙමයි, ක්‍රීඩා අරමුණක් හින්දා නෙමයි රටක අවශ්‍යතාවයක් හින්දා තමයි අපි හැමෝම එලියට ඇවිල්ලා ඉන්නේ. මම සුබ පතනවා ධම්මිකට ඒ පැය 24 ක්‍රියාදාමය සාර්ථක වේවා කියලා."