ජාත්‍යන්තර පාසලක හිටපු ගුරුවරියක් සුඛෝභෝගී නිවාස සංකීර්ණයක අටවන මහලේ බැල්කනියෙන් වැටී මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ හය දයාපාර පදිංචිව සිටි ප්‍රේමිලා ඥාන ගනේෂන් 49 එක්දරු මවකි
සිද්ධිය වන අවස්ථාවේදී මියගිය කාන්තාවගේ සැමියා පුද්ගලික කටයුත්තක් සඳහා යාපනයට ගොස් සිට
ඇති අතර එකම පුතු පදිංචිව සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තුන්වන නිවසේ පාඩම් කරමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය තැනැත්තිය දෙවන මහලේ සිට පුටුවක් රැගෙන අටවන මහල කරා ගොස් එය බැල්කනිය තුළ තබා ඒ මත නැඟ එයින් බිමට පැන ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අය කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටි තැනැත්තියක් බවටද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත
අපරාධ පරීක්ෂණ ස්ථාන නිලධාරීන් කැඳවා පරීක්ෂණ පැවැත්වීමටද කටයුතු දා ඇත.