රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
විත්තිය හා පැමිණිල්ලේ දීර්ඝ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙසේ හිටපු ජනපතිවරයා ඇප මත මුදා හැරිණි. හිටපු ජනපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තා සලකා බමින් මෙම ඇප නියම කෙරිණි.