හිටපු ජනපතිට රුපියල් 4ක් වත් වියදම් කළේ නෑ
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නොමැති නමුත් හිටපු ජනපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන් බලාගැනීමට රජයකට යුතුකමක් ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් අද පැවසීය.
අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්රකාශ කළේය.
"මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා"යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.
popular news
-
Demuni Uduwara Thursday, 01 September 2022 01:16 AM
What does Dharsana Handungoda say of your secretary's visit Thailand! Please clarify!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

