හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. හිටපු සහ වත්මන් ජනාධිපති වරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ. මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බවද අමාත්‍යවරයා පැවසීය.
තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව දැනුම් දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කළේය.
popular news
-
Kumar Wednesday, 17 August 2022 01:12 AM
amerikawe rakiyawak kala nisa ohuta rajayen maaspatha wishrama watupak labenawa. epamanak novay rakiyawakala wishwavidyalenuth wishrama watupak labenawa.
Reply : 0 0
චතුරි Wednesday, 17 August 2022 09:07 PM
හොරා කාපු සල්ලි වලින්. ලොකෙ වටෙ යන්නෙ. නැවත එන්නෙ. සුදු වැන් සෙල්ලම පටන් ගන්න වෙන්න අති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

