හිටපු කැබිනට් ඇමතිගේ වී මෝල හොරු කඩති
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් වසර දෙකක කාලයක සිට වසා දමා ඇති වී මෝලක තිබූ රුපියල් ලක්ෂ හයකට වැඩි දේපොළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා ( 22දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.
මරදන් කඩවල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම වී මොලේ ගණකාධිකාරිණිය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කළ බව පොලීසිය කියයි.
දැනට වසර දෙකක කාලයක සිට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති මෙම වී මෝල සහිත භූමියේ ආරක්ෂාව සඳහා මුරකරුවන් තිදෙනෙකු සේවයේ යොදවා ඇති බවද පොලිසිය කියයි.
හිටපු කැබිනට් අමාත්‍යවරයා කොළඹ පදිංචිව සිටීම හේතුවෙන් සහ ආයතනයේ දැනට නිෂ්පාදන කටයුතු නොකෙරෙන නිසා එහි භාරකාරත්වය පැමිණිලිකාරියට පවරා තිබූ බව පොලිසිය කියයි.
ලද දුරකථන ඇමතුමක් පසු පැමිණිලිකාරිය එම ස්ථානයට ගොස් බැලීමේදී රුපියල් 73000ක් වටිනා වතුර ෆිල්ටරයක්, 100000ක් පමණ වටිනා සෝපා සැටියක්, 60000ක් වටිනා නාන කාමරයේ වතුර උණුසුම් කරන යන්ත්‍රයක්, 200000ක්, පමණ වටිනා වායු සමීකරණ යන්ත්‍ර දෙකක් සොරකම් කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු හො පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
-
Rocky Monday, 23 January 2023 06:42 AM
Hitapu Janaahipathi thumaage dada mudala gewanna Ekathu karanawada kawuda danne !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

