හිටපු ඇමති හා මන්ත්රී 21ක් නිවාස කුලීවලට පොලු තියලා
හිටපු ඇමතිවරුන් හා මන්ත්රිවරුන් 21 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දාහත්ලක්ෂ,අනුතුන්දහස් හාරසියඅසුවක් වු (1,793,480) හිග නිවාස කුලි මුදල් මේවනතෙක් අයකරගැනිමට කටයුතුකර නොතිබු බව හෙලිවි ඇත.
2015-2020 අතර කාලසිමාවේ සිට මෙකි හිග නිවාස කුලි මුදල් අයවිමට ඇති බවද අනාවරණය වි ඇත. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත 2009-2016 කාලසිමාව තුල ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ට ලබාදිම සදහා ලබා දි තිබු කොළඹ 05 කැප්පෙටිපොළ මාවතේ සමුළු නිවාස 08කින් අදාළ කුලි මුදල් අයකරගැනිමට කටයුතුකර නොතිබුණි.
සමුළු නිවාස 22කින් 2012 වර්ෂයේ සිට 2024 දක්වා කාලයට අදාළව අයනොවි පවතින හිග කුලි මුදල රුපියල් 1,673,190කි. ජයවඩනගම නිවාස 15කින් 2012 වර්ෂයේ සිට 2016 දක්වා කාලයට අදාළව අයවිය යුතු හිග කුලි මුදල රුපියල් 8,449,265කි.
රාජ්ය පරිපාල අමාත්යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
