හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර කාර්යාලය පිහිටි නිවසට ඇතුළු වූ කලහකාරීන් පිරිසක් නිවසේ අල්මාරියක තිබූ මිලියන 12ක් පමණ වටිනා රන් පවුම් 60ක් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය 9 දා රාත්රීබ කලහාකාරි ලෙස හැසුරුණු පිරිසක් අංක 600/ එම්, ගුවන්තොටුපළ පාර ලිපිනයේ පිහිටි ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වී, එම නිවසට සහ කාර්යාලයට ගිනි තබා තම නිවසේ අල්මාරියක දමා තිබූ බිරිඳට අයත් රන් භාණ්ඩ තොගයක් එම පිරිස් පැහැර ගෙන ගොස් ඇති බවට හිටපු අමාත්‍යාවරයෙකු වන හේරත් බණ්ඩාගේ සේමසිංහ, (පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ගේ පියා) සිදු කළ පැමිණිල්ලක සඳහන් බව පොලීසිය කියයි.
එම කලහාකාරී සිද්ධියට සම්බන්ධ පිරිස් හිටපු අමාත්‍ය , ෂෙහාන් සේමසිංහ මහතාට අයත් කාර්යාලයේ තිබූ අමාත්යාංීශ මාධ්යධ ඒකකයට අයත් රුපියල් 19,23500 ක දේපලද ගිනි තබා විනාශ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි.
එම කාර්යාලයට නිවසට පහර දී දේපළ වලට අලාභ හානි සිදු කර ගිනි තැබීම හේතුවෙන් රුපියල් 48,912,200ක, අනර්ථයක් සිදුව ඇති බවත් සොරකම් කළ රන් භාණ්ඩවල වටිනාකම 12,600,000ක් බවට එච්.බී. සේමසිංහ මහතා විසින් පෙරේදා (17 දා) වාර්තාවක් ලබා දෙමින් ප්‍ර衫කාශ කර ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවූ පොලිස් කණ්ඩායම කීපයක් අනුරාධපුර නගරයේ, බණ්ඩාරනායක මාවත, දෙවන පියවර, දහයියාගම හංදිය, පුල්ලයාර් හන්දිය, ගෙවල් 55, වන්නියම්කුලම යන ප්ර්දේශවල පදිංචි පුද්ගලයන් 6 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය කියයි.