පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිධුරය සදහා අපෙක්ෂකයකු ලෙස නව ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන බව හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අද (15දා) මාධ්‍ය අමතා පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු නන්දිමිත්ර ඒකනායක මහතා කියා සිටියේ පවතින දේශපාලනය පිළිබදව ජනතාව කලකිරිමට පත්ව ඇති බවත් කුමාර වෙල්ගම මහතාගෙන් නායකත්වයෙන් පිහිටා ඇති නව ලංකා නිදහස් පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙ ්සියලුම පළාත් පාලන ආයතන සදහා නාම යෝජනා පක්ෂයෙන් ඉදිරිපත් වන බවත් ඒ සදහා තමා දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙන බවය.
නන්දිමිත්ර ඒකනායක මහතා 1989 වසරේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමෙන්තුවට තේරි පත් වුණූ අතර පසුව චන්ද්‍රිකා රජයේ පරිසර හා වනසම්පත් අමාත්‍යවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ රජයේ වරින් වර නියෝජ්‍ය අමාත්‍යධුර මෙන්ම යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යධුර දැරු අතර මියන්මාරයේ තානාපති ලෙසද කටයුුතු කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.
මහේෂ් කීර්තිරත්න