කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ අද (27) නඩු පැවරීය.
කොළඹ 02 ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීම තමිගේ පුත්‍රයා වන මාලක සිල්වා නමට මර්සිඩීස් බෙන්ස් කාරයක් මිලදී ගැනීම ඇතු`ථ වත්කම් ලැසිතුවක්ද ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම විත්තිකාර ආචාර්්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
ආචාර්ය මර්වින් සිල්වා මහතා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ 2010 මාර්තු 31 වැනිදාත් 2012 මාර්තු 31 වැනිදාත් අතර කාලසීමාව තුළ මෙම වරද කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
2010 මාර්තු 31 වැනිදාත් 2012 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ සිය නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට අල්ලස් කොමිසම මර්වින් සිල්වා මහතාට එරෙහිව චෝදනා නඟා ඇත.
සිය නිත්‍යානුකූල ආදායමින් මිලදීගත නොහැකි ඉඩකඩම්, යාන වාහන මිලදී ගැනීම මෙන්ම බැංකු ගිණුම් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම අධිචෝදනා පත්රයෙය් වැඩිදදුරටත සඳහන් කර ඇත.
තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි වු කොළඹ-02 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් 7,13,99,000/-ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, කඩවත ප්‍රදේශයෙන් රුපියල් 1,39,99,000/-ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, සිය පුත්‍රයා වන මාලක සිල්වා නමට රුපියල් 3,23,75,000/-ක මුදලක් වැයකර ‘මර්සිඩීස් බෙන්ස්’ කාර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් වැයකර ‘හයි හුන්ඩායි’ මෝටර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 89 කට ආසන්න මුදලක් වැයකර ‘ඩිෆෙන්ඩර්’ මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර ආචාර්්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
සිය නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි වු මමුදල් හා දේපළ වල හිමිකරුව සිටීම අල්ලස් පණතේ 23 (අ) 01 සහ 03 වගන්ති යටතේ දඬඩුවම් ලබිය යුතු වැරදි විත්තිකාර ආචාර්්‍ය මර්වින් සිල්වා මහතා කර ඇති බවටද අල්ලස් කෙමිසම අධිකරණයට දැනුම් දී ඇත.
සචිත්ර ගුණසේකර