අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදා හැර තිබේ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඒ මහතා අද පෙරවරුවේ ෙඅල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂන නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබුණි.
බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිත කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 දෙනෙකු බදවා ගැනීමේ දූෂණය නැමැති වරද සිදු කිරීම සහ විනය නියෝග මත ස්ථාන මාරුවීම් කර තිබු යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්යක්ෂවරයෙකුගේ ස්ථානමාරුවිම අවස්ථා කිහිපයකදී කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරිමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර අවලංගු කිරීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.