හිටපු අමාත්‍යවරුන් 14ක් තවමත් නිල නිවාස භාර දී නෑ
මෙතෙක් නිල නිවාස භාර දී නොමැති අමාත්‍යවරුන් 14දෙනෙකු සිටින බව වාර්තා වේ. ඒ අතර යහපාලන රජය සමයේ සිටි හිටපු විපක්ෂ නායකවරයෙක් වූ ආර්. සම්බන්ධන් මහතාගේ හා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ නමද ඊට ඇතුළත් වේ. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිත කළ නිල නිවසද මෙතෙක් භාරදී නොමැති බව වාර්තා විය.
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ජානක වක්කුඹුර, හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියර්දර්ශන ද සිල්වා, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අරුන්දික ප්‍රනාන්දු, හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ නම්ද ඇතුළත් බව වාර්තා විය.
මහ මැතිවරණයට පෙර නිල නිවාස භාරදෙන ලෙස රජයෙන් දැනුම් දී තිබුණි. එලෙස දැනුම් දී තිබුණද ඉහත නම් සඳහන් හිටපු අමාත්‍යවරුන් මෙතෙක් නිල නිවාස භාර දී නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

