හිටපු අගමැති බණ්ඩාරනායක ගුණසමරුව ස්ථාන 02කදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණසමරුව අද (26දා) එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්විණි.
හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය අසලදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවත්විය.
එම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
අනෙක් සැමරුම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි.
එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

