ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතීඥ හිජාත් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
හිජාස් හිස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කර ඇත.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාත් හිස්බුල්ලා 2020 අප්‍රෙල් මස 14 වැනි දින අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.