හිඟ විදුලි බිල් අමරගම වැසියෝ ඇමති සනත්ට තැපැල් කරති
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් පාවිච්චි කරන ලදැයි කියන රුපියල් ලක්ෂ විසිහයක හිග විදුලි බිල ගෙවා දැමූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට තමන්ගේ හිග විදුලි බිල් පත් ද ගෙවා දමන ලෙස ඉල්ලමින් පිටිගල, අමරගම වැසියෝ සිය විදුලි බිල් පත් ඒ මහතා ට ලැබෙනසේ තැපැල් කර යැවීමට පියවර ගත්හ.
මීට සමගාමීව තමන් ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මිනිස්සු යයි පවසමින් සිය හිග විදුලි බිල්පත් ද ගෙවා දමන ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට බල කරමින් අමරගම වැසියෝ උද්ඝෝෂණයකද නිරතවූහ.
ජාතික පාරිභෝගික පෙරමුණේ ගාලු දිස්ත්‍රික් සංවිධායක කේ.පී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමරගම වැසියෝ මේ වැඩසටහන දියත් කළ අතර ඊට අමරගම විදුලි පාරිභෝගිකයෝ එක්වී සිටියහ.
ඔවුහු සිය ගම්මානයේ තැපැල් කාර්යාලයට පැමිණ සිය හිග විදුලි බිල්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලැබෙන සේ තැපැල් කර යැවූහ.
සුසිල් ප්‍රියන්ත


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

