හිඟ ඖෂධ බොහොමයක් මෙරට නිෂ්පාදනය කළ හැකියි
ඩොලර් අර්බුදය හේතුවෙන් වර්තමානය තුළ මෙරට හිඟව ඇතැයි පැවසෙන ඖෂධ බොහොමයක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයනයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ගොඩ නැගීමේ අරමුණු පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීම උදෙසා කොළඹ මහවැලි කේන්ද්‍රෙය් අද (28) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියට සමගාමීව සේනක බිබිලේ මහාචාර්යවරයා විසින් ඖෂධ නිෂ්පාදනය සඳහාත් මෙරට ආයතනයක් නිර්මාණය කල බවත් එම ආයතනයේ ඖෂධ වර්ග 80කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කල හැකි බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම මේ වනවිට මෙරට හිඟව පවතින ඖෂධ වට්ටෝරුව තුළ මෙරට නිෂ්පාදනය කල හැකි ඖෂධ බොහෝ ප්‍රමාණයක් ඇති බවත් මෙය මහජනතාවට සිදුකරණ බලවත් අසාධාරණයක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙරට සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා සිදුකල හැකි මෙහෙයන් ඉටු නොවෙන විට එය මෙරට මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම් කඩවීමක් බවත් මෙවැනි කාරණා සම්බන්දව ඉදිරියේදී වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ගැඹුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය.
තිසර ගංඟාදර
popular news
-
janahitha Monday, 28 February 2022 10:39 AM
ammapa ohe thamayi niyama lankikaya onna okayi thathve
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

