ඉන්ධන හිඟයක් නිර්මාණය වීම වැලැක්වීම සහා ඉන්ධන ජාවාරම් නතර කිරීමේ අරමුණින් අවසර ලබා දී ඇති පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පිරිසක් සඳහා බූලි සහ බැරල් වෙත පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කරනුයේ බූලි සහ බැරල් සඳහා ඉන්ධන ලබාගැනීමට අවශ්‍යනම් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබාගත යුතු අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමේ අවසරය ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ලබා ගත හැකි බවයි.