හිගුරක්ගොඩ සහ පොළොන්නරුවේ 13 දෙනෙකු පුනාණි නිරෝධායන මධ්‍යස්ථානයට
- 24 04 2020
- 13:50
- {{hitsCtrl.values.hits}} views
- හිඟුරක්ගොඩ පියතිලක
පොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව කියන හිගුරක්ගොඩ සහ පළුගස්දමන ප්‍රදේශවල පදිංචි 13 දෙනෙකු නිරෝධායනය සඳහා පුනාණි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා පවසයි.
මෙසේ නිරෝධායනයට ලක්කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත නාවික සෙබළා ගමන් ගත් ලොරි රථ දෙකේ රියදුරන් සහ සහායකයන්ගේ පවුලේ සමාජිකයන්ය. හිගුරක්ගොඩ සහ පළුගස්දමන පදිංචිව අයයි. නිරෝධායනයට ලක්කල පිරිස 13 දෙනෙකු බවත් මේ වන විට පොළොන්නරුවේ නිරෝධායනයට ලක්කල මුළු පිරිස 49ක් බවත් පොළොන්නරුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
