හික්කඩුව සංචාරක අවන්හලකට අනවසරයෙන් ඇතුලු වී පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
හික්කඩුව පොලිස් වසමේ නාරිගම ප්‍රදේශයේ සංචාරක හෝටලය අවන්හලක පැවති සංගිත ප්‍රසංගයක් අතරතුර පිරිසක් විසින් එම අවන්හලට අයුතු ලෙස පැමිණ එහි සිටි විදේශ ජාතිකයින් පලවා හැර අවන්හලේ දේපලවලට කඩු හා පොලු වලින් පහරදී මාර්ගයේ නවතා තිබු මෝරට් රථ දෙකකට අලාභ හානි සිදුකර පලායම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකල විමර්ශනයන් හී ප්‍රථිපල මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් සතුව ජීව අත්බෝම්බයක් හා කඩු දෙකක්ද මෙහිදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31,37 සහ 47 වියේ පසුවන්නන් බවත් ඔනුක් ගෝනපීනුවල, දොඩන්දූව හා හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එක් සැකකරුවෙක් මීටියාගොඩ පොලිස් වසමේ සිදුකරන ලද මනුශ්‍ය ඝාතනය සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයෙන්ද හික්කඩුව පොලිස් වසමේ සිදුකරන ලද තවත් මනුශ්‍ය ඝාතන 02ක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නඩුවක ප්‍රධාන සැකකරුද වන බවත් තවත් සැකකරුවෙකු ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ විභාග වන නඩුවක ප්‍රධාන සැකකරු බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.