හික්කඩුවේ විවෘත කිරීම් දෙකක් නවත්වයි
හික්කඩුව නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ හා පොදු වැසිකිලිය විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසන් සභාව ඊයේ (29)පියවර ගත්තේය.
හික්කඩුව නගර සභාව විසින් ප්‍ර දේශයේ දේශපාලන බලවතුන් කිහිපදෙනෙක් ගෙන්වා මේ විවෘත කිරීම් ඊයේ (29) පස්වරුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතනවලට පැමිණිළි කිරීමෙන් අනතුරුව එම ආයතනවලින් මැතිවරණ කොමිසන් සභාව දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් අනුව මැතිවරණ කොමිසම විසින් මේ විවෘත කිරිමේ උත්සවය නතර කරන ලෙස හික්කඩුව නගර සභාවට දන්වා තිබේ.
පළාත් පාලන ඡන්දය සදහා නාම යෝජනා දී ඇති හික්කඩුව නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්තීන්ට මෙවැනි විවෘත කිරීම් සිදු කළ නොහැකි නිසා මේ විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
-
නෙළුම් Tuesday, 31 January 2023 04:21 AM
මහජනයාගේ මුදලින් නඩත්තු වන කාලකන්නි දේශපාලකයන්ට පිලිගැනීමක් අවශ්‍යය නැහැ. උත්සව සංවිධානය කරන්නේ දේශපාලන බත් බැලයන. රටට සාපයක් මෙි පාදඩ දේශපාලන සංස්කෘතිය .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

