ශ්‍රීලංකා යුධ හමුදාවේ හිටපු 11වැනි හමුදාපති වූද විශ්‍රාමික ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ආඤාපති මේජර් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා (92) අද (13) අලුයම් කාලයේදි අභාවප්‍රාප්ත වූහ.
1953 කැඩේට් නිලධාරීයෙකු ලෙස ශ්‍රීලංකා යුධ හමුදාවට එක්ව එංගලන්තයේ රාජකීය යුධහමුදා අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවෙන් පසු ශ්‍රීලංකා යුධ හමුදාවේ විවිධ තනතුරු ලබමින් සේවය කර 1988 දී යුධහමුදාපති තනතුරට පත් වනසිංහ මහතා 1991නොවැම්බර් 19 සිට 1993 සැප්තැම්බර් 06 දින දක්වා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අඤාපති වරයා ලෙසද 1993 සැප්තැම්බර් 07 දින සිට 1995 පෙබරවාරි දක්වා ආරක්ෂක ලේකම් ලෙසද කටයුතු කර ඇත.
ගුතිකා වනසිංහ,සසිකා වනසිංහ, දර්ශිකා වනසිංහ,සංජය වනසිංහ සහ දිලූක වනසිංහ යන දූ දරුවන් පස්දෙනාගේ පියා වූ හැමිල්ටන් වනසිංහ මහතාගේ බිරිඳ අයිරා බ්‍රියට්‍රිස් වනසිංහ මහත්මියයි. ඇය ඉකුත් 2011 අප්‍රේල් 13 දින මිය ගොස් ඇත.
අනෙකුත් දූ දරුවන් ව්‍යාපාරික ක්ෂේත්රයේ කටයුතු කරන අතර සංජය වනසිංහ මහතා ශ්‍රීලංකා යුධ හමුදාවේ විවිධ නිලයන් යටතේ සේවය කර යුධහමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස 2023 ඔක්තෝබර් 13 දින විශ්‍රාම ලබා ඇත.
1933අගෝස්තු 17 දින මල්වාන කළුකොඳයාවේදී උපත ලබා ඇති හැමිල්ටන් වනසිංහ මහතා කළුකොඳයාව ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස කටයුතු කර ඇත.
දේහය මහජන ගෞරවය සඳහා ඉරිදා (15) දින පස්වරු 1.00 මල්වාන කළුකොඳයාවේ පිහිටි ඒ මහතාගේ නිවසෙහි තබා ඇති අතර ආගමික වතාවත් වලින් අනතුරුව ආදාහන කටයුතු 15 ඉරිදා පස් වරු 5.30 ට යුධ හමුදා ගෞරවය මැද බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
බියගම පද්මසිරි රණතුංග