හැමවෙලේම මම ගේන්නේ අසුබ ආරංචි
2028 වන විට ලංකාවට ණය ගෙවිමට ඇති බවත් ඒ සඳහා විදෙස් සංචිතය ඩොලර් බිලියන 15ක් දක්වා වැඩිවිය යුතු බවත් හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා කිය. කොළඹ පැවැති උත්සවයකදී ඔහු සඳහන් කළේ එය යුද්ධය පැනිමට නොහැකිවුවහොත් ලංකාවට ගැටලුවක් ඇතිවෙන බවත් ඔහු පැවැසීය.
"අපි යනකොට උද්ධමනය පාලනය කරලා, විදේශ සංචිතය ඩොලර් බිලයන 6ක් ඉතුරුකරලා ගියේ. මේ ගමන එතනින් අවසන් වෙලා නෑ. 2028න් පස්සේ අපිට ණය ගෙවන්න තියෙනවා. 2028 ණය ගෙවන්න ඒ අය බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ත් විතර තියෙයි කියලා.
දැනට තියෙන්නේ 6යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා. මහ බැංකුව කියනවා මේ අවුරුද්ද අවසන් වන විට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තවත් හයක් හොයන්න ඕන. අන්න ඒකයි රටේ තියෙන ප්රශ්නය. තව කොන්දේසියක් තියෙනවා ඒක ගෙවන ගමන් අපි බැඳුම්කර දානවා ඩොලර්බිලියන තුනකට. 2027 මාර්තු අවසන් වන විට අයි.එම්.එෆ්. ගිවිසුම අවසානයි. අපි කොහොමද ඉදිරියට යන්නේ.
අයි.එම්.එෆ්. එක්ක එකතු වෙලා යනවද? නැතිව යනවද? ආණ්ඩුවේ වැඩසටහන මොකක්ද?මේ රටේ ප්රධාන ප්රශ්නේ අපි කොහොමද ණය ගෙවන්නේ. අපේ අවධානය මෙතනට යොමු වෙන්න ඕන. තවම පාර්ලිමේන්තව ඇතුළෙවත්, පිටවත් මේ ගැන කථා කරන්නේ නෑ. ප්රශ්ණය ආවම අපි මොකක්ද කරන්න යන්නේ. අපිට ගෙවන්න බැරිනම් අපි බංකොලොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ. තුන්වෙනි යුද්ධය ගැන තමයි ලියන්න ඕන.
තුන්වැනි යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ. මම ඉතින් ගෙනත් තියෙන්නේ ශුබ ආරංචි
නෙමෙයි. හැමවෙලේම මම ගේනනේ අසුබ ආරංචි"

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
