හැටන් නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම් පොල භූමියේ වු විශාල වළවල් වල වර්ෂාධික දින වලදි මඬ ජලය පිරුණු ඉතා අප්‍රසන්න ස්ථානයක් ලෙසත් වැසි රහිත දින වල දි දුවිලි වලින් පිරුණු ස්ථානයක් බවට පත් වීමත් නිසා මගී ජනතාව හා රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
හැටන් නගරයෙ යනු ගම්මාන හා උප නගර මෙන්ම තේ වතු ආශ්රිත ජනාවාස රාශියකින් වටවු ප්‍රධාන නගරයකි. වාණිජ නගරයක් වන නිසාම දෛනිකව විශාල ජනතාවක් ඒකරාශි වන ප්රදේශයකි. නගරයට පිවිසෙන පාසල් සිසු සිසුවියන් ,කාර්යාල සේවකයන් ඇතළු මගී ජනතාව වැඩි වශයෙන් සිය ගමන් අවශ්‍යතාවය සපුරා ගනුයේ පොදු මගී ප්‍රවාහන සේවය තුලින්ය. දෛනිකව දහස් සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන හැටන් ප්‍රධාන බස්නැවතුම් පොළ භූමියේ ඉතා විශාල වලවල් සෑදි තිබෙන්නේ දැනට වසර කීපයකට ඉහත දී කාපට් අතුරා සංවර්ධනය කළ ප්‍රදේශයේ තාර ගැලවී යාම නිසාය. ප්‍රදේශවාසින් පවසන්නේ විශාල මුදලක් වැය කර වසර කීපයකට පෙර නවීකරණය කලත් නිසි තාක්ෂණික හා ගුණාත්මක බවකින් තොරව කටයුතු කරීම නිසා සිදුවුයේ මහජන මුදල් අපතේ යාම පමණක් බවය.
බස්නැවතුම් පොළ භූමිය පුරා හෑරී ඇති මෙම විශාල වළවල් වල වැසි දිනවලදි ජලය පිරි මඩ වගුරක් බවට පත්වන නිසා එහි එන ජනතාව විවිධ දුෂ්කරතාවයන් ට පත්වනු ඇත.මෙසේ එක්රැස්ව තිබෙන ජලය සහ මඩ වියලි කාලගුණයක් සහිත දින වලදි එහි අධික දුවිල්ලක් ඇතිවේ. ඒ අනුව කුමන කාලයකදී වුව ද මෙහි එන ජනතාව අපහසුතාවට පත්වේ.
විශේෂයෙන්ම මේ ශ්‍රිපාද වන්දනා සමයේදී දේශිය හා විදේශිය සංචාරකයින් ශ්‍රීපාදස්ථානය හා නුවරඑළිය බලා ගම්න කරන්නේ හැටන් නඟරය හරහාය. පවතින තත්වය නිසා එම ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
හැටන්- දික්ඔය නගර සභාව යටතේ ඇති මෙම බස්රථ ගාල පිහිටි භූමිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස රියදුරන් හා ප්‍රදේශයේ මගී ජනතාව ඉල්ලා සිටිති.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක



