හැටන් ප්ර දේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්රධාන මාර්ගයට (20) දින උදෑසන 11:00ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.එම මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්ර දේශයේනුයි පස් කන්ද කඩා වැටී ඇත්තේ.
කඩා වැටුණු පස් කන්ද හැටන් පොලිසියේ නිළධාරින්, ප්රදේශවාසීන් එක්ව කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම පස් කන්ද ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය වෙත දැනුම් දී ඇති බවයි හැටන් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
තවදුරටත් එම පස් කන්ද කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයෙන් රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
