හැටන් ප්‍රදේශයේ රජයෙ සහ ජාත්‍යන්තර පාසල් වලට පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන්රථ, ත්‍රීරෝද රථ, නුවරඒලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ හදිසි පරික්ෂණයකට ලක් විය.
හැටන් කොට්ටඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් මස්කෙළිය බගවන්තලාව ගිනිගත්හේන, තලවකැලේ, කොටගල යන ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පාසල් ළමුන් ප්‍රවාහනය කරන සිලුම වාහන හැටන් දුම්රිය ස්ථානය අසළට රැගෙන විත්, ඒහිදි ඒම වාහන පරික්ෂවට ලක් කෙරිණ.
වාහන පරික්ෂා කිරීමට ප්‍රථම පොලිස් අධිකාරිවරයා සහ මෝටර් රථ පරික්ෂකවරයා විසින් පාසල් ළමුන් ප්‍රවාහනය සිදු කරන රියදුරන්ව සහ අයිතිකරුවන්ව දැනුව්ත කිරිමක්ද සිදු කරනු ලැබුවා.
මෙම වාහන පරික්ෂාවේදි පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන ධාවනයට පාසල් ළමුන් ප්‍රවාහනයට තරම් සුදුසු ත්තවයේ ආරක්ෂකාරි ලෙස තිබෙද යන්න අවධාවනය යොමු කල අතර, මෙම පරික්ෂාවේදි පාසල් ළමුන් ප්‍රවාහනයට සුදුසු ත්තවයේ නොතිබුනු වාහන කිහිපයක් ඒම වහනවල අඩුපාඩුකම් සපුරා ගන්නා තෙක් තාවකලිකව ධාවනය අත්හිටු වීමට මෝටර් රථ පරික්ෂකවරයා කටයුතු කල අතර, තවත් වාහන කිහිපයක තිබූ සුලු අඩුපාඩු අලුත්වැඩියා කර ගැනීමට දින 14ක කාලයක් ලබා දෙනු ලැබූහ.
තාවකලිකව ධාවනයෙන් ඉවත් කල සහ අඩුපාඩුකම් අලුත්වැඩියා කර ගැනිමට උපදෙස් ලබා දුන් වහනවල අදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයා භාරයට ගැනිණ.
