හැටන් කුඩාගම ප්රදේශයේ නිවාස රැසක් ප්රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග තම නිවාස නායයෑමේ අවධානමක ලක් වී ඇති බව පීඩාවට පත් වී සිටින එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියි.
හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කල අවස්ථාවේ කොටසකට පමණක් ආරක්ෂිත පැති බැම්මක් ඉදි කලද ප්රධාන මාර්ගයේ සිට එම නිවාස වලට පිවිසිමට ඇති පියගැටපෙළ මාර්ගයේ එම නිවාස වල පදිංචිකරුවන් එක්ව ඉතිරි කොටසටද ආරක්ෂිත පැති බැම්මක් ඉදි කලද එම ආරක්ෂිත පැති බැම්ම පවතින වර්ෂාවත් සමග සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි පීඩාවට පත් පදිංචිකරුවන් කියා සිටියේ.
ආරක්ෂිත පැති බැම්ම කැඩී යාම හේතුවෙන් තම නිවාස අසළම විශාල වශයෙන් පොළව ඉරි තලා ඇති බවත්, එම ස්ථානවලින් වැසි ජලය කාන්දු වීම නිසා ප්රධාන මාර්ගයට තම ඉඩම සහ නිවාස නායයෑමේ දැඩි අවධානමක් පවතින නිසා තමන්ට අලුතින් ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරිමට ආර්ථික පහසුකම් නොමැති නිසා කඩිනමින් ශක්තිමත් ආරක්ෂිත පැති බැම්මක් සකස් කර දෙන ලෙසයි හැටන් කුඩාගම පදිංචිකරුවන් කියා සිටින්නේ.
(25) දින පස්වරුවේද එම ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම නිවාස වලට පිවිසෙන පියගැටපෙලේ කොටසක් සහ පැති බැම්මමේ කොටසක් නාය ගොස් තිබුණි.
