ශ්‍රි පාද වන්දනාවේ ගොස් ආපසු අණමඩුව දක්වා ගමන් කරමින් සිටි තරුණයෙක් මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔයේ දියනැමට ගොස් ඔයේ ගිලි අද (11දා) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
මෙසේ දියේ ගිලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ආණමඩුව පල්ලගම ප්‍රදේශයේ පදිංචි කවිදු තිෂාර (20) හැවිරිදි තරුණයෙකි.
ජිවිතක්ෂයට පත් තරුණයා සිය මව ඇතුළු ආණමඩුව පල්ලගම ප්‍රදේශයේ පනස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග ශ්‍රි පාදස්ථානය වැදපුදාගෙන ආපසු ආණමඩුව දක්වා ගමන් කරන අතුරතුර ගිනිගත්හේන නගරයේදි ආහාර ගැනිමට බස් රථය නතර කල අවස්ථාවේ බස් රථයේ සිටි තරුණයන් පිරිසක් ගිනිගත්හේන නගරයට පහලින් මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔයේ දියනැමට ගොස් ඇත.
එහිදි දිය නාමින් සිටියදි එකවරම දියේ ගිලි කවිදු තිෂාර අතුරුදහන් වු බවත්, පසුව ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර ඔයේ තිබි ගොඩගෙන ඇත.
දියේ ගිලි ජිවිතක්ෂයට පත් තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.


