හැටන් ආශ්රිත ප්රදේශයන් තුල මේ වන විට එලවළු මිල ගනන් අධික ලෙස ඉහල යාමත් සමග ප්රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම ප්රදේශයේ මේ වන විට මුරුංගා ක්රිලෝව රුපියල් 1000ත් 1200ත්, කැරට් ක්රිලෝව රුපියල් 700ත් 800ත්, බෝංචි ක්රිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් ක්රිලෝව රුපියල් 800ත් 900ත්, කරවිල ක්රිලෝව රුපියල් 400ත් 450ත්, වට්ටක්කා ක්රිලෝව රුපියල් 300ත් 320ත්, වම්බටු ක්රිලෝව රුපියල් 650ත් 700ත්, මෑකරල් ක්රිලෝව රුපියල් 480ත් 500ත්, ලික්ස් ක්රිලෝව රුපියල් 450ත් 500ත්, පතෝල ක්රිලෝව රුපියල් 400ත් 450ත්, වැටකොළු ක්රිලෝව රුපියල් 500ත් 520ත් අතර මිලකට අලෙවි වනු ඇත.
එලවළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට නිසි ලෙස එලවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව ප්රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වන නගරයේ එලවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට පවතින වැසි තත්වයන් හේතුවෙන් එලවළු තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
පවතින මෙම වැසි තත්වයන් ඉදිරියටත් පැවතියහොත් එලවළු මිල තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවත් එලවළු මිල ඉහල යාමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
චන්ද්ර සෙල්ලහේවා