විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටවල් තුනකින් ඉන්ධන ලබා ගත හැකි බවට පවසා ඇති බවත් හැකිනම් එම රටවල් තුනෙන් එක නැව බැගින් ඉන්ධන නැව් තුනක් ශ්‍රී ලංකාවට ගෙන්වන ලෙස අභියෝග කරන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙහිදී විපක්ෂනායකවරයාට දැඩි විවේචනයක් එල්ල කිරීමටද හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.
විපක්ෂනායකවරයාගේ හුස්ම වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ලංකාවට ගෙනත් දෙන බවට සඳහන් කළ නමුත් මේ දක්වා එවැනි ඖෂධයක් ලබාදී නොමැති බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළ බවද හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.